Home » 17 වසරකට පෙර බිරියගේ නැඟණිය දූෂණය කළ මස්සිනාට 14 වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

17 වසරකට පෙර බිරියගේ නැඟණිය දූෂණය කළ මස්සිනාට 14 වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

by sachintha
September 21, 2023 1:00 am 0 comment

17 වසරකට පෙර තිස්සමහාරාම උනාව ප්‍රදේශයේදී සිය බිරියගේ බාලවයස්කාර නැඟණියව අපයෝජනය කිරීමේ වරදට වරදකරු වූ 59 හැවිරිදි දෙදරු පියෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා පෙරේදා (19) නියම කළේය.

මෙලෙස සිරදඬුවම්, දඩ හා වන්දි නියම වූයේ තිස්සමහාරාම, ගෝනගමුව පදිංචි ඔලොක්කුව පටබැඳිගේ විජේසිරි නමැති 59 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිත පුද්ගලයා 2006.04.21 වන දින නි‍ෙවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේ චුදිතගේ නි‍ෙවසේ නැවතී සිටි චුදිතගේ බිරියගේ බාලවයස්කාර නැඟණියව බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ. සිද්ධියෙන් පසු අගතියට පත් වූ දැරිය සිද්ධිය සම්බන්ධයෙන් සිය ඥාතියෙකුට පවසා පසුව සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව විමර්ශන පැවැත් වූ තිස්සමහාරාම පොලිසිය චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදි. ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිත පුද්ගලයා අදාළ චෝදනා සඳහා වැරදිකරු බවට පත්විය. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා චුදිතට අදාළ චෝදනා සඳහා වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. ඊට අමතරව රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කළ අතර, එය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. එමෙන්ම ඉහත දඬුවම්වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දි මුදලක් ගෙවන ලෙසත්, චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT