454
රොටුඹ පොලීසිය මඟින් ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් සඳහා පොල් පැළ බෙදාදීමක් පෙරේදා (19) දින ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක එච්. එම්. බන්දුල ප්රියන්ත මහතාගේ ප්රධානත්වයෙන් රොටුඹ පොලිස් ස්ථානයේදී සිදු කෙරිණි. එක් ප්රජා පොලිස් කමිටුවකට 07 බැඟින් ප්රජා පොලිස් කමිටු 11 ක් සඳහා පොල් පැළ බෙදාදීම සිදුවිය. පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් මෙම පොල් පැළ රොටුඹ පොලීසියට ලබා දී තිබූ අතර පැළ සිටුවීමෙන් පසු එහි අධීක්ෂණය පොල් වගාකීරීමේ මණ්ඩලය මඟින් සිදු කරන බවට පොලීසිය මෙහිදී පැවසීය. ප්රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් මහතා විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
ඌරුබොක්ක විශේෂ
ඒ. පී. දයාචන්ද්ර