Home » ඇමැති බන්දුලට එරෙහිව සිදු කළ අපහාසාත්මක ප්‍රකාශවල සංයුක්ත තැටි සීඅයිඩීය භාරයට – පුළුල් විමර්ශන ඇරඹේ

ඇමැති බන්දුලට එරෙහිව සිදු කළ අපහාසාත්මක ප්‍රකාශවල සංයුක්ත තැටි සීඅයිඩීය භාරයට – පුළුල් විමර්ශන ඇරඹේ

by sachintha
September 21, 2023 1:24 am 0 comment

දුම්රිය එන්ජින් රියැදුරෙකු වන ඉන්දික දොඩන්ගොඩ නමැත්තා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව විදත් හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශවලට අදාළ වීඩියෝ දර්ශන හා හඬපට ඇතුළත් සංයුක්ත තැටි පෙරේදා (19) දිනයේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ෂෙරොන් සමරනායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. ඒ අනුව හිරු ටීවී නාලිකාවේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ හා සමාජ මාධ්‍ය මඟින් දොඩන්ගොඩ නමැත්තා සිදුකළ අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ ඇතුළත් දර්ශන හා හඬපට මේ අයුරින් සීඅයිඩීය වෙත භාරදී ඇත.

පසුගියදා අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව සීඅයිඩීය වෙත සිදුකළ මීට අදාළ පැමිණිල්ල පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT