Home » හරක් කටාට පැන යන්න සහාය වූ කොස්තාපල් රටින් ගිහින් නැහැ

හරක් කටාට පැන යන්න සහාය වූ කොස්තාපල් රටින් ගිහින් නැහැ

by sachintha
September 21, 2023 12:35 am 0 comment

දුරකතන විශ්ලේෂණ වාර්තා තහවුරු කරන බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දන්වයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට පලා යෑමට සහාය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පොලිස් කොස්තාපල්වරයා විදේශගතව නොමැති බවත් ඔහු මෙරට රැඳී සිටින බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව කරුණු අනාවරණය වන බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත කරුණු දැන්වීය.

සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය සේරු නුවරදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මව වන රංජනී චන්ද්‍රලතා (48) යන අය මෙම සිද්ධියට කුමන්ත්‍රණය කිරීම හා කරුණු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මසක කාලයක් ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවට අධිකරණයට මෝසමක් ගොනු කරමින් ත්‍රස්ත විමර්ශන ඒකකය කරුණු දැක්වූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා – Òත්‍රස්තවාදී පනත යටතේ සැකකාරිය අත්අඩංගුවට ගන්න අනාවරණය වන චෝදනාව කුමක්ද ?

ත්‍රස්ත විමර්ශන ඒකකය – ත්‍රස්තවාදී පනත යටතේ රඳවා සිටින සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු දැනුවත්ව සිටිය ද එය වසන් කිරීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගත්තා. ජනාධිපතිවරයා විදේශගතව ඇති බැවින් අදාළ රැඳවුම් නියෝගය සඳහා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා අත්සන් තබා ඇති බවටද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය. සිද්ධිය වූ අවස්ථාවෙන් පසුව කොස්තාපල්වරයාගේ පෙම්වතිය, මව හා මස්සිනා අතර දුරකතන සංවාද ඇති වූ බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව කරුණු අනාවරණය වන්නේ යැයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිහිනැති කරවිම සඳහා කිරි තේ හා කිරිටොෆිවලට භාවිතා කළ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වාර්තාවක් කැඳවා ඇති බවත් අදාළ නඩු භාණ්ඩ වන කිරි සාම්පල හා කිරි ටොෆි සාම්පල ද රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවට අධිකරණය කරුණු අනාවරණය විය.

සේරුනුවර ත්‍රිකුණාමලය පදිංචි වන්නිආරච්චිලාගේ අමිල සංජීව නැමැති සැකකරු වන කොස්තාපල්වරයාගේ මස්සිනා ද මෙසේ රැඳවුම් නියෝග මත මාස තුනක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තැබීමට අධිකරණය අවසර ලබා දී ඇත.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT