Friday, April 18, 2025
Home » රෝහලේ වරදින් අත අහිමි වූ පුංචි වෛසාලිට පාසලෙන් ආදරණීය පිළිගැනීමක්

රෝහලේ වරදින් අත අහිමි වූ පුංචි වෛසාලිට පාසලෙන් ආදරණීය පිළිගැනීමක්

by sachintha
September 21, 2023 1:14 am 0 comment

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට ගොස් සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී අතක් කපා ඉවත් කරනු ලැබූ යාපනය හින්දු ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන ශාන්ති වෛසාලි දැරිය පෙරේදා (19) යළි පාසල් ගිය අවස්ථාවේදී ඇගේ සහෝදර ශිෂ්‍යාවන් විසින් ඇයට මල් කලඹක් දී පිළිගනු ලැබූ අතර, ඇය දිරිගැන්වීම සදහා පාසල් සංවර්ධන සමිතිය හා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ උත්සවයක්ද සංවිධනය කොට තිබිණි.මැණික් කටුව ළඟින් අත කපා ඉවත් කරන ලද පුංචි වෛසාලි දැකීමෙන් ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරු කඳුළු සලන්නට වූහ. එහිදී ඇගේ අනාගතය වෙනුවෙන් දිය හැකි සියලු පහසුකම් සලසා දීමට පාසල් සංවර්ධන සමිතිය එකග වූ අතර, යාපනයේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඇය දිරි ගැන්වීමට ඉදිරිපත්ව සිටියි. අට හැවිරිදි මේ දැරියට අවශ්‍ය මනෝ වෛද්‍ය ප්‍රතිකාර දීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියි. සිද්ධිය සම්බන්ධ නඩු විභාගය මේ ම්ස 27 දා යළි විභාගයට ගැනීමට නියමිතය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT