436
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල ජල නළයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව ඇත. අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර, කෙසේ වෙතත් එම අවස්ථාවේදීම පියා සහ දියණිය ඉන් ගොඩට ගැනීමට ඒ අසල සිටි පිරිස සමත් වී ඇත.
යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණි.
එම දියණිය සහ පියා පැමිණි යතුරුපැදිය මාර්ගයේ ජලය පිරී තිබූ වළට වැටෙන ආකාරය සහ ඒ අසල සිටි පිරිස වළට වැටුණු පියා සහ දියණිය ගොඩ ගත් ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ ආකාරය ඡායාරූපවලින් දැක් වේ.