ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරය ඉතා සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඊයේ ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග උදෙසා චීනය බලා පිටත්විය. ලොව ප්රමුඛ පෙළේ හඳුන්කූරු සන්නාමයක් වන සයිකල් පියෝ ඉන්සෙන්ස් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ක්‍රිකට් පිටියට පිවිසෙන අතර, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි මෙවරත් විශාල බලාපොරොත්තු තබා ඇත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා අනුග්‍රහය දැක්වූ සයිකල් පියෝ ඉන්සෙන්ස් නිෂ්පාදනය කර අලෙවි කරනු ලබන්නේ සුවඳ ඉන්ඩස්ට්‍රිස් (Suwanda Industries) පුද්ගලික සමාගම විසිනි. ඉන්දියාවේ සයිකල් (Cycle) ආගරබතී සහ ඊස්වරන් බ්‍රදර්ස් (Eswaran Brothers) සමාගමේ හවුල් ව්‍යාපාරයක් වන සුවඳ ඉන්ඩස්ට්‍රිස් (Suwanda Industries) පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුරාධ ඒකනායක මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව පවසා සිටියේ ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ජයග්‍රහණයේ සුවඳ අත්පත්කරගත් බවයි.
චමරි අතපත්තුගේ තුන් ඉරියව් විශිෂ්ට දස්කම් සහ නායකත්වය යටතේ එංගලන්තයට එරෙහිව ලැබූ විස්සයි20 ජයග්‍රහණය ක්‍රිකට් ලෝකයේ ප්‍රථම වරට සනිටුහන් වීම ඓතිහාසික අවස්ථාවක් විය.