අමෙරිකා තානාධිපති කාර්යාලය හා දෙහිවල ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සංවිධායකත්වයෙන් හා පාසල් ළමයි ඇතුළු සංගම් සාමාජික සාමාජිකාවන්ගේ ද සහභාගිත්වයෙන් ඉකුත් (19) වන දින දෙහිවල ගල්කිස්ස වෙරළේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණි.
මෙම අවස්ථාවට ලංකා අමෙරිකා තනාපතිනි ජුලී චන් (jhalli chan ) මහත්මිය තානාධිපති කාර්යාල මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රමේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, සුදර්ශන් දෙනිපිටිය, රෝහණ බණ්ඩාර, වේලු කුමාර් මහතුන් හා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අසංග, ලේකම් එම්.එල්. සභීර ජීවන්ත, සභාපති තරිදු සමීර, ප්‍රධාන පරීක්ෂක පී.කේ. එදිරිසිංහ, කාරක සභා සාමාජික ඩබ්ලිව්. එස්. බන්දුල යන මහතුන් ඇතුළු ප්‍රදේශයේ පාසල් ළමයි ඇතුළු සිය දෙනෙකුට අධික පිරිසක් සහභාගිවී සිටියහ.