Home » වලිගමුව කනිෂ්ඨ විද්‍යාලයට පරිඝණක ගොඩනැඟිල්ලක්

වලිගමුව කනිෂ්ඨ විද්‍යාලයට පරිඝණක ගොඩනැඟිල්ලක්

by mahesh
September 20, 2023 12:57 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල

රඹුක්කන වලිගමුව කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 55ක් වියදමින් නව පරිගණක ගොඩනැඟිල්ල ඉදිකර ඉකුත් දා දකුණු කොරියාවේ සේමාවුල් ගෝලීයකරණ පදනමේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙයි සුන්ග් චූ මහතාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරිණ.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති කනක හෙරත් මහතාගේ ඉල්ලීමකට අනුව දකුණු කොරියාවේ සේමාවුල් ගෝලීයකරණ පදනම මගින් පරිගණක ගොඩනැඟිල්ල ඉදිකර පරිගණක 10ක් ලබා දී තිබුණි. ගොඩනැඟිල්ලට හා පරිගණක 10ට රුපියල් ලක්ෂ 55ක මුදලක් සේමාවුල් ගෝලීයකරණ පදනම වැය කර තිබුණි. නව පරිගණක ගොඩනැඟිල්ල ඉකුත් දා දකුණු කොරියාවේ සේමාවුල් ගෝලීයකරණ පදනමේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චොයි සුන්ග් චූ මහතාගේ සහභාගිත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණ.

එම අවස්ථාවට රාජ්‍ය ඇමැති කනක හෙරත් විද්‍යාලයේ විදුහල්පති බී.ජී.පී. විජයතුංග ආචාර්ය මණ්ඩලය මවුපියන් සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT