Home » සොරාගත් රන් ආභරණ උකස් කළ අනියම් බිරිඳත් දැලේ

සොරාගත් රන් ආභරණ උකස් කළ අනියම් බිරිඳත් දැලේ

by mahesh
September 20, 2023 12:56 am 0 comment

මල්වාන සමූහ - මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදු කීර්ති

මල්වානේ තිත්තවැල්කන්ද ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් හාර ලක්ෂ අනූ පන්දහසක මුදලක් සමඟ සොරකම් කළ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් ආභරණ උකස් කළ බව කියන සැකකරුගේ අනියම් බිරිඳ බියගම පොලිසිය මඟින් පසුගියදා ( 17 වැනිදා ) අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට දැන් කටයුතු කර ගෙන යයි. එහි පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ අනියම් බිරිඳ විසින් එම රන් ආභරණවලින් කොටසක් මහරගම ප්‍රදේශයේ රන් ආභරණ උකස් කරන මධ්‍යස්ථානයකට උකස් කර තිබී හා ඉතිරිවා ඇය ළඟ තිබී සොයා ගැනිණි.

මේ අතර එම මුදල්වලින් රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි පංකා, කණ්ණාඩි මේසයක්, අල්මාරියක් හා ගෑස් සිලින්ඩර් ඇතුළු ගෘහ උපකරණ මිල දී ගෙන තිබූ අතර එම භාණ්ඩ හෙයියන්තුඩුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවෙසක සඟවා තිබියදී ද සොයා ගෙන ඇත. ඉකුත් 10 වැනිදා පෙරවරුවේ මල්වාන අල් මුබාරක් මුස්ලිම් ජාතික පාසලේ පවත්වන ලද පා ගමනට සහභාගී වීම සඳහා නිවැසියන් ගොස් සිටි අවස්ථාවේ සැකකරු නිවසේ කුස්සියේ හුළං කවුළුවකින් නිවෙසට ඇතුළු වී මේ සොරකම සිදු කර තිබේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය රත්නපුරය ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි තැනැත්තියක් වන අතර, ඇය මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT