Home » රස්නායකපුර කඩිගාව මහා විද්‍යාලයේ සිසු නායක නිල ලාංඡන පැලඳවීම

රස්නායකපුර කඩිගාව මහා විද්‍යාලයේ සිසු නායක නිල ලාංඡන පැලඳවීම

by mahesh
September 20, 2023 12:55 am 0 comment

නිකවැරටිය - ගයන්දි පමෝධා

නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත්, රස්නායකපුර, කඩිගාව මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම විද්‍යාල ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සිසු සිසුවියන් 450ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ, ඉදිරි වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන් තිස් දෙනෙකු තම මවුපියන්ගේ සුරතින් අභිසෙස් ලබ ගත්හ. අනතුරුව පාසල් බිමේ පැළ රෝපනය කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පුත්තලම මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද දරුවන්ගේ මවුපියන් ද එක්ව සිටියහ. විදුහල්පතිනි ජයා සඳශීලී ජයමහ මහත්මියගේ උපදෙස් අනුව ආචාර්ය මණ්ඩලය විසින් දෙමාපියන්ගේ ද සහාය ඇතිව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උලෙළ සංවිධානය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT