දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ යෙදුණ තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(20) දින ඌරගස්මංහන්දිය පොලිස් වසමේ තේවත්ත හන්දිය, 06 කණුව, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත. එහි දී කේරළ ගංජා ජාවාරමේ යෙදෙමින් කේරළ ගංජා ග්‍රෑම් 460ක් සන්තකයේ තබාගෙන සිටි අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/ විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක එච්.ඒ.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ යෙදුණ තරුණියක් දැලේ
by mahesh
September 20, 2023 1:00 am
0 comment
කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන
351