Home » සාමණේර නමට නොහොබිනා වැඩක් කළැයි සරසවි හිමිනම උසාවියට

සාමණේර නමට නොහොබිනා වැඩක් කළැයි සරසවි හිමිනම උසාවියට

by mahesh
September 20, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම බිමල් ජයසිංහ

15 හැවිරිදි ශිෂ්‍ය හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනය කළ 25 හැවිරිදි විශ්වවිද්‍යාල හිමිනමක අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය හිමි නමකි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි හිමිනමක සිංහල අලුත් අවුරුද්දට සිය නිවසට ගිය අවස්ථාවේ දී මව විසින් ඇඟ සෝදා ඇති අතර ඔහුගේ පිටේ සහ තට්ටම් ප්‍රදේශයේ බිබිලි කීපයක් හටගෙන ඇති එය මව දැකීමෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා දී තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී ඇත. ඒ පිළිබඳ විමසීමේ දී පිරිවෙන් සිටින තරුණ හිමි නමකකගෙන් කරදර බවත් ඒ පිළිබඳ ලොකු

හාමුදුරුවන්ට පැවසුව ද ඔහු එය ගණන් ගත්තේ නැති බවත් මාපියන්ට පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ පිළිබඳ මව හාමුදුරුවන්ගෙන් දුරකථනයෙන් විමසා ඇති අතර එවැනි දෙයක් තමන්ට කියා නැති බවත් පවසා තිබිණි.

ඒ හේතුව මත අතවරයට පත් හිමි නම පිරිවෙනට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ අතර නැවත රෝගී තත්ත්වය ඇති වීමෙන් අනතුරුව හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරික්ෂා කර හිමිනම බරපතළ ලිංගික අතවරයට පත්ව ඇති බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් පිලියන්දල පොලිසිය වෙත යොමු කර තිබීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන පවත්වා සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර හිමිනම කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී එම් ඩි ඩි නිලන්ග මහත්වරුන්ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මහත්මිය පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT