Sunday, April 20, 2025
Home » ඇතාගල මුදුනේ සක්මන් බුදු රුව හෙට නිරාවරණය වෙයි

ඇතාගල මුදුනේ සක්මන් බුදු රුව හෙට නිරාවරණය වෙයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක - පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල සුවිසල් ඇතාගල මුදුනේ ඉදි කරන ලද අඩි 40ක් පමණ උසැති සක්මන් ඉරියව්වෙන් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ හෙට (21) පස්වරුවේදී නිරාවරණය කිරීමට නියමිතය.

ඇතාගල මුදුනේ පිහිටි ඇතාගල ආරණ්‍ය සේනාසනයේ කොටසක මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකර තිබෙන අතර එම ස්ථානය ඇතාගලේ උසම ස්ථානය ලෙස සැලකේ. මෙම ප්‍රතිමාව ඇතාගල මත ඉදිකර තිබෙන සමාධි ඉරියව්වෙන් යුත් සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේට මඳක් ඉහළින් ඉදිකර තිබේ.

මෙම ස්ථානයට පිවිසීම සඳහා ඇතාගල මුදුනේ පිහිටා ඇති රථවාහන නැවතුම්පොළ අසල සිට මීටර් පන්සියයක් පමණ දුරැති දැවැන්ත පියගැටපෙළක් ද ඉදිකර තිබේ.

ඇතාගල ආරණ්‍ය සේනාසනාධිපති සහ කුරුණෑගල ගැට්ටුවාන මහින්ද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අධිකරණ සංඝනායක දෙබත්ගම පියසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකර තිබෙන මෙම බුද්ධ ප්‍රතිමාව රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් ඇතුළු නායක හිමිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT