Home » බිරියට පොල්ලකින් පහර දුන් සැමියා අද දක්වා රිමාන්ඩ්

බිරියට පොල්ලකින් පහර දුන් සැමියා අද දක්වා රිමාන්ඩ්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

බිරියට පොල්ලකින් පහර දී තුවාල කිරීමේ චෝදනාව මත මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර සැමියාව අද (20) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කර ඇත.

මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි ජේ. ඒ. සුගත් ජයකොඩි නමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකරු විසින් පැමිණිලිකාර බිරියට පහර දීමෙන් ලද තුවාල හේතුවෙන් ඇය රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණයේ දී සඳහන් විය. දෙදෙනා අතර, පවතින පවුල් ආරවුලක් එම පහර දීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි. සැකකරු විසින් පැමිණිලිකාර බිරියට පහර දී විවිධ අඩන්තේට්ටම් කිරීම සම්බන්ධව පැමිණිලිකාර බිරිය විසින් මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පැමිණිලි කිහිපයක් දමා ඇති බවත් පැමිණිලිකාරිය සහ සැකකාර සැමියාව පොලිසියට ගෙන්වා අවවාද කර ඇතත් සැකකරු එම අවවාද නොතකා බිරියට පහර දීම සිදු කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පො.ප. ජී.කේ. අබේරත්න නිලධාරියා පැමිණිල්ල මෙහෙයවිය. මෙම නඩුව අද නැවත කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT