එළැඹෙන නොවැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය එදිනම පවත්වන්නේ ද කල් දමන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විභාග කොමසාරිස්වරයාට බලය පවරා ඇතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
විභාග කාලසටහන යාවත්කාලීන කිරීමට කියා දරුවන්ගේ අයිතිවාසිකම් නැති කිරීම අසාධාරණ බවත් උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර පළාත්වල ඇතැම් පාසල්වල විෂය නිර්දේශ අවසන් කර නැති බවත් ප්‍රකාශ කළ ඇය යෝජනා කළේ පාසල් තෙවැනි වාරය මේ වර්ෂයේ ඔක්තෝබර් 30 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා සති 8කුත් 2024 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 19 දක්වා සති 3කුත් ලෙස පළමු ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කළ යුතු බවය.