දින කිහිපයකට පමණ පෙර මිය ගිය බවට සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිෙවසක තිබී ඊයේ (19) හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි. අදාළ නිෙවසේ මිය ගිය පුද්ගලයා තනිව ජීවත්ව ඇති අතර, නිෙවස දෙසින් දුඟදක් වහනය වීම නිසාවෙන් අසල්වාසීන් විසින් ඒ පිළිබඳ සොයා බලා පාදුක්ක පොලිසිය දැනුම්වත් කර පොලිස් නිලධාරීන් සමඟ නිෙවසේ දොරගුළු කඩා පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමු වූ බවද පොලිසිය පවසයි. ඉකුත් සිකුරාදා දිනයෙන් පසු ප්‍රදේශයේ කිසිවෙකු මෙම පුද්ගලයා දැක නොතිබූ බවත් ඔහුගේ විවාහක බිරිය ඔහු අතහැර ගොස් තිබූ බවත්, මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හේවගේ ක්‍රිෂාන් ජීවන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ පවත්වයි.