Home » පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන: මන්ත්‍රීවරුන් දැනුම්වත් කෙරෙති

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන: මන්ත්‍රීවරුන් දැනුම්වත් කෙරෙති

by mahesh
September 20, 2023 1:00 am 0 comment

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම සඳහා වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (19) පැවැත්විණ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ. මෙම වැඩසටහන සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දැනුම්වත් කිරීම ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (19) පෙරවරුවේ සිදු කළේය.

මෙම වැඩසටහනට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එම විවාදය සඳහා ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන වැදගත් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT