Wednesday, April 9, 2025
Home » වහා විමර්ශනයක් කර වෙඩි තැබූ අය අත්අඩංගුවට ගන්න
මන්ත්‍රී උද්දිකට වෙඩි තැබීම

වහා විමර්ශනයක් කර වෙඩි තැබූ අය අත්අඩංගුවට ගන්න

by mahesh
September 20, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඊට අදාළ සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ඊයේ (19) නියෝග කළේය.

මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ල කරගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් ඔහුගේ නිවෙස අසලදී ඉකුත් 17 දා රාත්‍රියේ එල්ල කර ඇති බවයි. එල්ල කර ඇති වෙඩි ප්‍රාහාර හේතුවෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව නැති වුවද වෙඩි තැබීම හේතුවෙන් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයට හානි සිදුව ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇති බවද කීවේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ (උ.පො.ප) හේරත්, කරුණානන්ද වන්නිනායක සහ නන්දසේන මහත්වරුන් සමඟ (පො.සැ) 28211 – නීල් සහ 47718 – ඉලංගසිංහ මහත්වරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ. උ/මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සහ උ/මැද නි/පොලිස්පති ලක්සිරි විජේසේන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස භාර (ජ්‍යෙ.පො.අ) ජයන්ත පුෂ්ප කුමාර සහ (ස.පො.අ) සංජීව මහනාම මහත්වරුන්ගේ මෙහෙයවීම මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) වික්‍රමආරච්චි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT