Home » යන ශීර්ෂය යටතේ පළ වූ පුවත සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම
රක්වානේ සංගීතයට පොලු තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'සඳුන්ගේ නීතීඥවරිය මෙසේ කියයි'

යන ශීර්ෂය යටතේ පළ වූ පුවත සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම

by mahesh
September 20, 2023 12:55 am 0 comment

රක්වාන සංගිතයට පොලු තැබූ දිමංකට, සඳුන්ට වැඩ වරදී යන ශීර්ෂය යටතේ රක්වාන ප්‍රාදේශීය වාර්තාකාර ඉන්දික සී. කුමාර විසින් වර්ෂ 2023-05-04 වැනි දින ‘දිනමිණ‘ පුවත්පතේ වාර්තාවක් පළ කරන ලදී. එකී පුවත සම්බන්ධයෙන් සඳුන් පෙරේරා යන අයගේ නීතිඥ සුලාරිකා වික්‍රමතුංග මහත්මිය විසින් අපගේ එකී ප්‍රාදේශීය වාර්තාකරු වෙත එන්තරවාසි ලිපියක් එවා තිබිණි. එකී ලිපිය උපුටා දක්වමින් රක්වානේ සංගීතයට පොලු තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සඳුන්ගේ නීතිඥවරිය මෙසේ කියයි යන ශිර්ෂය යටතේ 2023-05-12 දින අප පුවත්පතේ නැවත වාර්තාවක් පළ කර තිබිණි.

වාර්තාකරු වෙත යොමු කරන ලද පෞද්ගලික ලේඛනයක් වන එන්තරවාසි ලිපියක් අප පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් සහ එකී පළ කිරීමේදී පාඨකයන් නොමඟ යන ආකාරයෙන් එකී එන්තරවාසි ලිපියේ සඳහන් කරුණු වැරදි ලෙස අර්ථ නිරූපනය කර පළ කර ඇතැයි නීතිඥවරිය විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එකී පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති විමසීමේදී දෙපාර්ශ්වය අතර ඇති වූ සමථය ප්‍රකාරව පෞද්ගලික ලේඛනයක් වන එන්තරවාසි ලිපිය අප පුවත්පතේ පළ කිරීම හරහා එකී නීතිඥවරියට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ‘දිනමිණ‘ පුවත්පතේ කර්තෘ මණ්ඩලය වශයෙන් බලවත් කනගාටුව එකී නීතිඥවරිය වන සුලාරිකා වික්‍රමතුංග මහත්මිය වෙත මෙයින් පළ කර සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT