Saturday, April 19, 2025
Home » අධ්‍යාපන ඇමැති මේරිලන්ඩ් විහාරාධිපති බැහැදැක ආශිර්වාද ලබමින්…

අධ්‍යාපන ඇමැති මේරිලන්ඩ් විහාරාධිපති බැහැදැක ආශිර්වාද ලබමින්…

by mahesh
September 20, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරතව සිටින අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කටුගස්තොට උපරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පෞද්ගලික සංචාරයකට අමෙරිකාවට ගොස් සිටින ඇමැතිවරයා මේරිලන්ඩ් විහාරස්ථානයට ගොස් උපරතන නාහිමි බැහැදුටුවේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පවතින ප්‍රතිශක්තිකරණ සම්බන්ධයෙන් ඇමැතිවරයා නාහිමියෝ දැනුම්වත් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙලෙස ද කියා සිටියේය.

“විදේශ විශ්වවිද්‍යාල සහාය ඇතිව නවීන ලෝකයට ගැළපෙන උපාධි පාඨමාලා දේශීය විශ්වවිද්‍යාල සඳහා හඳුන්වාදීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ මඟින් විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇදී යන විදේශ විනිමය පාලනය කරගැනීමට ද හැකි වෙනවා.

එමෙන්ම පාසල් විභාග කටයුතු පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු 2024 වසර වන විට මුළුමනින්ම සමථයකට පත් කෙරෙනවා.

පාසල් දරුවන් අඩුම තරමින් ලක්ෂ 20කට දිවා ආහාරය සපයා ගැනීම වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අන් කවරදාකටත් වඩා ප්‍රතිපත්ති සම්පාදනය කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT