Home » ලෝක අවිවාහක රූ රැජින දිවයින පැමිණෙයි

ලෝක අවිවාහක රූ රැජින දිවයින පැමිණෙයි

by yasara
September 20, 2023 10:51 am 0 comment

ලෝක අවිවාහක රූ රැජිණ ලෙස ( Miss Queen of the World )  කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සදහා 09/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය 09/22 දින කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය .

එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රියෙල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන  ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය .

ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතය .

මෙම ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය 09/19 දින රාත්‍රී 10.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා ශ්‍රී අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT