Home » හෂීෂ් තොගයක් රේගු අත් අඩංගුවට

හෂීෂ් තොගයක් රේගු අත් අඩංගුවට

by yasara
September 20, 2023 10:20 am 0 comment

බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක වූ පාර්සලයක තිබූ රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී රේගු ගමන් බඩු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය නිවේදනය කරයි

මෙම පාර්සලය හලාවත , වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර , එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 098 ක් බර හෂීෂ් තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

මෙම ලිපිනය පිළිබඳව  රේගු නිලධාරීන් සිදු කළ සොයා බැලීම් වලදී , එය ව්‍යාජ එකක් බවට කරුණු සනාථ වී ඇති අතර , මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන නොමැත.

මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT