Home » DIG වරුණ අසංක-මහේෂ්ට උසස් වීම් නිර්දේශ කරයි

DIG වරුණ අසංක-මහේෂ්ට උසස් වීම් නිර්දේශ කරයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් කරන ලෙස පොලිස් මූලස්ථානය මඟින් ජාතික පොලිස් කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට සහ මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ නම් මෙසේ ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනා වන්නේ මෙම නිලධාරීන්ය.

පොලිස් මූලස්ථානය මඟින් යොමු කරනු ලැබ ඇති මෙම නම් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී සලකා බැලීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT