587
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැඳී සිටි නිල නිවෙස ඔහු විසින් නීත්‍යනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාර දුන් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වෙත ඊයේ (19) දැනුම් දුන්නේය.
අධිකරණය මඟින් අමාත්‍යවරයා එම නිල නිවෙසින් නෙරපීම සඳහා ද දී ඇති නියෝග යළි සලකා බැලීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ මේ බව අධිකරණයට දැනුම් දුන්හ.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නිල නිවෙස අමාත්‍යාංශයට නීත්‍යනුකූලව භාර දුන් බවට කළ කරුණු දැක්වීම අනුව, අධිකරණය හමුවේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.