Home » අක්‍රමිකතා විය හැකි හදිසි ඖෂධ මිල දී ගැනීම් අත්හිටුවයි

අක්‍රමිකතා විය හැකි හදිසි ඖෂධ මිල දී ගැනීම් අත්හිටුවයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

අක්‍රමිකතාවන් සිදු විය හැකි ඖෂධ හදිසි මිල දී ගැනීම් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

මෙරපනම් ඖෂධයේ හදිසි මිල දී ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසීය.

සමඟි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඖෂධ සම්බන්ධයෙන් අක්‍රමිකතාවන් සිදු නොවීමට ඇමැතිවරයා ලෙස තමා කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ පාලනය කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.

වසර 2016, 2017 කාඩර් අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 14,000ක හිඟයක් රට පුරා පවතින බවත් එය මේ වන විට 16,000ක පමණ සංඛ්‍යාවක් විය හැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයෙන් සියයට 50ක් පියවීමට මෙවර අය-වැයෙන් පියවර ගන්නා බවට රජය දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT