Sunday, April 20, 2025
Home » වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

by chanaka
September 19, 2023 10:12 am 0 comment

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයට ඊයේ (18) දහවල් මළ සිරුර ගොඩගසා ඇත.

එම මුහුදු තීරයට මළ සිරුර ගොඩගසා ඇති බවට වත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කරයි.

හදිසි මරණ පරීක්ෂණය සිදු කර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT