Monday, April 21, 2025
Home » දේශීය ණය ප්‍රශස්තකරණයෙන් සේවක අරමුදලට බලපෑමක් නැහැ – ප්‍රායෝගිකව තහවුරු වී තහවුරු වී අවසන්

දේශීය ණය ප්‍රශස්තකරණයෙන් සේවක අරමුදලට බලපෑමක් නැහැ – ප්‍රායෝගිකව තහවුරු වී තහවුරු වී අවසන්

by chanaka
September 19, 2023 4:21 pm 0 comment

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අරමුදල්වලට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බව ප්‍රායෝගිකව තහවුරු වී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

විවිධ පාර්ශ්ව විසින් ඒ සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට උත්සහ කළ ප්‍රචාරයන් අද වන විට අසත්‍ය බව ජනතාවට පසක් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සේවා නියුක්තියෙන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් එහි සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් නිපුණතා සවිය මූල්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (19) එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක් පමණ වන අතර ඉන් විදේශ ණය ප්‍රමාණය බිලියන 41ක් පමණ වේ. එය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගත් අතර බිලියන 42ක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වූ බව අමාත්‍යවරයා කියා සිටියේය. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණයට රජය පියවර ගත් අතර ඊට එරෙහි වූවන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ සේවක අර්ථසාධක අරමුදල්වල හානි එමගින් හානි සිදු විය හැකි බවයි.

දැනට ලක්ෂ 26ක පමණ පිරිසක් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය දරන අතර ලක්ෂය පමණ පිරිසක් එහි ප්‍රතිලාභීන් බවට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එබැවින් ප්‍රශස්තිකරණය යටතේ මෙම අරමුදලට බලපෑම් එල්ල වන බවට වන ප්‍රචාරයන් වඩාත් ඉක්මණින් ජනතාව විශාල පිරිසක් අතට යැවීමේ හැකියාව තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අරමුදල වෙනුවෙන් වූ වාර්ෂික පොලී අනුපාතය 2026 වසර දක්වා 9% මට්ටමේ පවත්වාගෙන යාමට රජය සහතික වී ඇති තත්ත්වයක් තුළ එම වැරැදි මතවාදයන් පරාජයට පත්ව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

උපාධිධාරීන්ට පවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා විරහිත උපාධීධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා තත්ත්වයක් මතුව ඇත්තේ තෝරා ගන්නා පාඨමාලා පිළිබඳ ගැටලුව හේතුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේ ය. උපාධිධාරීන් පවා එවැනි තත්ත්වයන් මුහුණ දී ඇති පසුබිමක් තුළ විශ්ව විද්‍යාල සුදුසුකම් නොලබා ඉතිරි වන දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන මෙම ශිෂ්‍යත්වය කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT