Home » කැනඩා අගමැතිගෙන් ඉන්දීය රජයට චෝදනා

කැනඩා අගමැතිගෙන් ඉන්දීය රජයට චෝදනා

by chanaka
September 19, 2023 4:13 pm 0 comment

කැනේඩියා සික් නායක හර්දීප් සිං ඝාතනය පිටුපස ඉන්දීය රජය සිටින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ චෝදනා කර ඇත.

පසුගිය ජුනි 18 වැනිදා කැනඩා ජාතික සික් නායකයෙකු වන හර්දීප් සිං සික් දේවස්ථානයක් තුලදී වෙඩි තබා ඝාතනය කෙරුණි. එම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක අතර ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත එම ඝාතනය සිදුකර ඇති බවට අනුමාන කරන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි මේ වන විටත් ලැබී ඇති බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT