Home » පේරු රාජ්‍යයේ බස් අනතුරකින් 24 ක් මරුට

පේරු රාජ්‍යයේ බස් අනතුරකින් 24 ක් මරුට

by yasara
September 19, 2023 9:29 am 0 comment

පේරු රාජ්‍යයේ ඊයේ  (18) දිනයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර‍යි.

මෙම අනතුර සිදුව ඇත්තේ හුවාන්කායෝ සහ හුවාන්ටා (Huancayo and Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය මීටර් 200 ක් (අඩි 650) පමණ ගැඹුරු මිටියාවතකට ඇද වැටීමෙනි.

අනතුර සිදු වූ ස්ථානයට වහාම ගිනි නිවන භටයන් යැවූ අතර ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක නිලධාරීන් එක්ව ජීවිත ගලවා ගැනීමේ දැඩි මෙහෙයුමක නිරතව ඇති අතර දිවි ගලවා ගත් පිරිස් ළඟම ඇති රෝහල් වෙත ගෙන යාමට සමත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඊට ආසන්න නගරයක නගරාධිපතිවරයා ද ප්‍රකාශයක් නිකුත් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT