ඇල්ල බල්ලකෙටුව ප්රදේශයේ දි 18 දින රාත්රි පස් කණ්ඩියකින් පහලට ඇදවැටිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඇල්ලවත්ත,පහලකොටස බල්ලකෙටුව ලිපිනයේ පදිංචි වීරන් පුෂ්පම් නැමැති පුද්ගලයෙකු බවද පොලිසිය කීය.
මරණකරු ඊයේ රාත්රි හතට පමන ඔහුගේ නිවසට ගමන් කරමින් සිටියදි පස් කන්ඩියකින් පහලට ඇද වැට්මෙන් හිස ගලක වැදි මියගොස් ඇති බවට ඔහුගේ ඥාතියෙක් විසින් ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව සිදුකල විමර්ශන වලදි මියගිය පුද්ගලයා පස් කන්ඩියෙන් පහලට ඇදවැටි තුවාල සිදුව සිටිනු දැක ඇති අසල්වැසියන් විසින් ඔහු නිවසට රැගෙන ගොස් ඇදක තබා 1990 ගිලන්රථ සේවයට මේ බව දැනුම් ඇති බව පොලිසිය කියයි.
පසුව එම ස්ථානය වෙත පැමිණි 1990 ගිලන් රථයේ අයවලුන් විසින් තුවාලකරු මියගොස් ඇති බවට දැනුම්දිමෙන් අනතුරුව එ බව මරණකරු ගේ ඥාතියා විසින් පොලිසිය වෙත පැමිනිලි කර ඇති බවට කරුණු අනාවරණය වු බවද පොලිසිය කිය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බැවින් මෙ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා මෘත දේහය බදුල්ල ශික්ෂන රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙයි.