Saturday, April 19, 2025
Home » ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් ලාංකිකයෙකුට

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් ලාංකිකයෙකුට

by chanaka
September 19, 2023 1:39 pm 0 comment

ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සදහා ජාතික මට්ටමේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය දිනා ගැනීමට කරු එස්සැල්ලේ සමත් විය.

මෙම ‘යුරේකා’ සම්මානය මෙරට විද්‍යා ක්ෂේස්ත්‍රයේ ‘ඔස්කාර්’ සම්මාන උළෙල ලෙසට ද හැඳින්වෙන්නේ එය විද්‍යා ක්ෂේස්ත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන විශේෂ සම්මානයක් වන බැවිනි.

මේ වන විට University of Technology Sydney හි Electromagnetic & Antenna engineering පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔහු විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් ද වේ.

මෙම සම්මානය විද්‍යාව සඳහා ඔස්ට්‍රේලියාවේ ලබා දෙන උසස්ම සම්මානය වේ.

පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18 කින් ඇගයීමට ලක් කෙරෙන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් විද්‍යා සහ තාක්ෂණ සම්මාන උළෙලයි. ඒ නිසාම එය Oscars of Australian Science ලෙස ද හඳුන්වනු ලබයි.

මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදු කරන ලද කරන ලද අතර එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවින් මෙසේ සම්මානයට පාත්‍ර වී තිබේ.

2022 වසරේදී ම මහාචාර්ය කරූට Australia Space Award සම්මාන උළෙලේදී Academic of the year සම්මානය හිමිව ඇති අතර එම සම්මාන උළෙලේදීම සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන “Best of the winners” Excellence award හිමි කර ගත්තේද මහචාර්ය කරූ එස්සෙල්ලේ විසිනි.

(මූලාශ්‍ර – AusLankaTV )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT