Monday, April 21, 2025
Home » කොලිවුඩ් සුපිරි නළු විජෙයිගේ දියණිය සිය දිවි හානි කර ගනියි

කොලිවුඩ් සුපිරි නළු විජෙයිගේ දියණිය සිය දිවි හානි කර ගනියි

by yasara
September 19, 2023 12:17 pm 0 comment

සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවටස් දී සිය ගෙලවැලලාගෙන ඇත

මීරා විජෙයි ඇන්ටනි වන ඇය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය

ඇය ඊයේ (18) අලුයම තුනට පමණ විදුලි පංකාවේ එල්ලී ඇති බව වාර්තා වෙයි

අනතුරුව ඇයව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මිය ගොස් සිට ඇත

එම අවස්ථාවේ දී විජෙයි ඇන්ටනි නිවසේ නො සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි

පසුගිය දිනවල  මීරා දැඩි මානසික පීඩනයකින් කටයුතු කළ බවද මේ වන විට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරගෙන තිබයෙි

සිද්ධිය සම්බන්ධයෙන් ආල්වාර්පේට්ටෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT