Home » කෝටියකට අධික අයිස් සමඟ අයෙක් කොටු වෙයි ජංගම දුරකතනයක් – වෑන් රියක් පොලිස් භාරයට

කෝටියකට අධික අයිස් සමඟ අයෙක් කොටු වෙයි ජංගම දුරකතනයක් – වෑන් රියක් පොලිස් භාරයට

by sachintha
September 18, 2023 9:03 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

දිගු කලෙක සිට හොර රහසේ මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ වයස අවුරුදු 70ක පුද්ගලයකු රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය පරණ තැපැල් කන්තෝරුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත පසුගිය 15 වැනිදා මේ වැටලීම සිදු කර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 40 සන්තකයේ තබාගෙන සිටි වැල්වෙඩ්ඩිතුරේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පුද්ගලයකු ජංගම දුරකතනයක් සහ වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානයට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් පරීක්ෂක ඊ. ඒ. ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT