ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.
ඒ අනුව මෙවර අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙනු ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි.
මෙරට ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි. අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරන්නේ යම්කිසි ලෙසකින් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ මුළු ජනගහනයෙන් 1/5 කගේ ජන ජීවිතය අකර්මන්‍ය වන බවයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේවන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව පැවසූ ලේකම්වරයා, ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.
කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. කළුතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම ජංගම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන අනුව කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. නමුත් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල විය. ඉන් පීඩාවට පත්වු මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබයි.
මීට සමගාමීව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබා දීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද මෙහිදී සිදු කෙරිණි.
කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ, දොඩන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් අනීෂා ශිරෝමාලා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) වජිරා අබේවර්ධන, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච්. රුවිනිස්, අධ්‍යක්ෂ ජනරාල් එස්.කේ.එස්. අමරසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දු, අධ්‍යක්ෂිකා චන්දිමා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.