Home » අධි­ක­ර­ණ­යට අප­හාස වන අයු­රින් සිරකරුව­කුට දුම්කොළ ­දුන් පුද්ග­ලයා මාස හයක් ඇතු­ළට

අධි­ක­ර­ණ­යට අප­හාස වන අයු­රින් සිරකරුව­කුට දුම්කොළ ­දුන් පුද්ග­ලයා මාස හයක් ඇතු­ළට

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පැවැත්වෙමින් තිබියදී අධිකරණ සිරමැදිරියේ සිටි රැඳවියකුට දුම්කොළ ලබාදී අධිකරණයට අපහාස කළ විත්තිකරුවෙකුට බරපතළ වැඩ ඇතිව මාස හයක සිර දඬුවමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පෙරේදා (14) පස්වරුවේ දී නියම කළේය.

කොටදෙණියාව නගරයේ පදිංචිකරුවෙකු වන ඒ. එම්. ඒෂාන් විදුරංග නැමැති විත්තිකරුට මෙසේ සිරදඬුවම් නියම කෙරුණි.

හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබූ බව අධිකරණයේ දී සඳහන් විය.

එම වරෙන්තුව මත විත්තිකරුව කොටදෙණියාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. විත්තිකරුව අධිකරණ සිර මැදිරියට දැමීමට පෙර විත්තිකරු සඟවා තිබූ දුම්කොළ අඩංගු පාර්සලයක් අධිකරණ සිරමැදිරියේ සිටි රැඳවියාට ලබා දෙන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතුව අධිකරණ ආරක්ෂක කාන්තා පොලිස් නිලධාරිනි හර්ෂිකා (377) නිලධාරිනිය විසින් විත්තිකරුව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් කෙරුණි.

විත්තිකරුට එම දුම්කොළ අඩංගු පාර්සලය ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි. විත්තිකරුට චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව ඉහත චෝදනාවට විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ සිර දඬුවම් නියම කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT