Home » තාත්තා සහ අයියා එකතු වී මල්ලී මරලා

තාත්තා සහ අයියා එකතු වී මල්ලී මරලා

මිය­ගිය පුද්ග­ල­යාගේ බිරිය පොලි­සි­යට කියයි, සැක­පිට දෙදෙ­නාම අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

එස්. ජී. උබේපාල - කැබිතිගොල්ලෑව සමූහ

තාත්තා සහ අයියා එකතු වී ගේ ඇතුළේ සිටි මල්ලිට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් මැදවච්චිය, කනදරා දිවුල්වැව ගම්මානයෙන් වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි එම නි‍ෙවසේම පදිංචි එක්දරු පියෙකි.

මෙම ඝාතනය සිදු කළ පියා කපුරුබණ්ඩාගේ විජේසිංහ නමැති ට්‍රැක්ටර් කාර්මික ශිල්පියකු වන අතර ඝාතනය සිදු කළ වැඩිමහල් සොහොයුරා පැවිදි වී සිට සිවුර හැර විත්, පෙදරේරු රැකියාවක් සිදු කරන 28 හැවිරිදි සජිත් සචෙන්තන විජේසිංහ නමැති තරුණයෙකි.

පෙරේදා (14) දින රාත්‍රී 10.45ට පමණ පුද්ගලික ගැටලුවක් මුල් කර ගනිමින් මෙම මිය ගිය පුතා සහ වැඩිමහල් සොහොයුරාත් පියාත් අතර, බහින්බස්වීමක් සිදුව ඇත. මියගිය පුද්ගලයාගේ උපන්දිනය ද ඊයේ දිනට යෙදී තිබුණ අතර, මිතුරන් සමඟ එම සාදයත් පවත්වා මෙම මියගිය පුද්ගලයා නි‍ෙවසට පැමිණ ඇත.

අනතුරුව පියාත් සමඟ ඇති කර ගත් බහින් බස් වීම දුර දිග ගොස් අයියා සහ පියා එකතු වී තම සැමියාව ඇඳේ තිබූ බුරුත පොල්ලකින් සහ උදලු මිටකින් ගසා ගේ ඇතුළේදීම ඝාතනය කළ බව මියගිය පුද්ගලයාගේ බිරිය මැදවච්චිය පොලිසියට පවසා ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT