අන්තර් පාසල් අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විදුහල් ‘සී’ පිල ඊයේ (14) සමත් විය.
මින්නේරිය ගනර්ස් පිටියේදී පැවති අවසන් පූර්ව තරගයේදී මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් සමඟින් රාජකීය පිල මේ අවස්ථාව උදා කර ගත්තේය.
කොළඹ රාජකීය විදුහල මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ නව වාර්තාවක් පිහිටුවීය. රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් 3ක් පළමු, දෙවැනි කොටස සහ තෙවැනි කොටස යන කාණ්ඩ තුනේම අවසන් තරගයන්ට සුදුසුකම් ලැබීමට සමත්වීම කැපී පෙනේ. රාජකීය විදුහල් ‘ඒ’ පිල සහ ‘බී’ පිල අවුරුදු 15න් පහළ පළමු සහ දෙවැනි කොටස්වල ශූරතාව දිනා ගැනීමට සමත් විය.
රාජකීය ‘සී’ පළමු ඉනිම – 191/6 ඉනිම අත්හිටුවීය (ඕවර 50.5) තරුල් වෛද්‍යරත්න 38, නවරත්නම් සතුරුෂන් 28, දිසාල චමුදිත නොදැවී 36 (දිවිඳු ජයසුන්දර 34/3)
මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහල් පළමු ඉනිම – 60 (ඕවර 39.2) (තේනුජ බණ්ඩාර 21/4, කුමුතුළු ගුණතිලක 10/2)