446
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය ලොව වටා රැගෙන යැමේ වැඩසටහනට අනුව ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. කොළඹ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ඊයේ ක්‍රීඩාලෝලීන් හමුවේ ලෝක කුසලානය ප්‍රදර්ශනයට තැබූ අයුරුයි මේ. එක්දින ලෝක කුසලානය අද (15) ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.