Sunday, April 20, 2025
Home » ස්ටොක්ස්ගෙන් වාර්තාගත පිතිහරඹයක්

ස්ටොක්ස්ගෙන් වාර්තාගත පිතිහරඹයක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

බෙන් ස්ටොක්ස්ගේ වාර්තාගත පිතිහරඹය හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 181ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය. ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 368ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට ඕවර 39කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 187ක් පමණි.

මේ ජය සමඟ තරග 4කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ද එංගලන්තයට හැකි විය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් පන්දු 124කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 182ක් වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟ ඔහු වාර්තා අතරට එක් වූයේ එක්දින තරගයකදී එංගලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු රැස් කළ පිතිකරු ලෙසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT