Saturday, April 19, 2025
Home » ඩෙංගු කීටයන් විනාශ කිරීමට සමත් ⁣ ඹෟෂධීය පෙත්තක්

ඩෙංගු කීටයන් විනාශ කිරීමට සමත් ⁣ ඹෟෂධීය පෙත්තක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ

දිනෙන් දින වර්ධනය වෙමින් යන ඩෙංගු රෝගයේ රෝග කාරකයින් වන ඩෙංගු කීටයන් විනාශ කිරීමට සමත් ⁣ ඹෟෂධීය පෙත්තක් ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

නැජුලා නමින් යුතු මෙම පෙත්ත මදුරුවන් හා මදුරු කීටයන් සිටින වතුරට එක් කිරීමෙන් එහි සිටින සියලුම මදුරු කීටයන් විනාශ වී යන්නේ යැයි එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එන්. පතිරගේ මහතා පවසයි. එහෙත් මෙම පෙත්ත පානීය ජලයට මුසු නොකල යුතු බව දැඩිව අවධාරණය කර සිටී.

විශේෂයෙන් වරායවල් වැනි නිරතුරු පිරිසිදු කිරීමට අපහසු ස්ථානවල ඇති ජලය රැඳෙන ස්ථානවලට හා එවැනිම ආයතනවලට මෙම පෙත්ත භාවිත කළ හැකි බව ද ඒ මහතා පැවසීය.

මෙම පෙත්ත ඊයේ (14) ගාල්ල ධීවර වරාය පරිශ්‍ර‍ෙයහි ඇති අබලන් ජලය රැඳී ඇති බෝට්ටුවලට යෙදූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම මෙම පෙත්ත පෞද්ගලිකව වුවද තම තමන්ගේ නිවෙස්වල හා ආයතනවල ජලය නිරතුරුව ඉවත් කිරීමට අපහසු තැන්වලට යෙදීමෙන් මෙම ඩෙංගු මදුරුවන් විනාශ කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT