441
ශරීරයේ ස්ථාන කිහිපයකට තුවාල සිදු වූ කිලෝ 30කට ආසන්න බරකින් යුත් බටු කැස්බෑවෙකු ඊයේ (14) වෙරළ තීරයට ගොඩගසා සිටි බව පාණදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පැවසීය.
ජීවිත ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උදෑසන වෙරළේ නිරීක්ෂණය කරමින් සිටිය දී ගල්පර අතර අපහසුවෙන් සිටි කැස්බෑවා රැගෙන විත් ප්‍රථමාධාර ලබා දී අත්තිඩිය වනජීවී කාර්යාලය දැනුවත් කළ බව ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල්සිරි මහතා සඳහන් කළේය.