Home » මිලේනියම් සිටි නිවෙසකින් රන් බඩු ඉස්සූ මෙහෙකාරිය රිමාන්ඩ්

මිලේනියම් සිටි නිවෙසකින් රන් බඩු ඉස්සූ මෙහෙකාරිය රිමාන්ඩ්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

නවගමුව - සුගත් ප්‍රේමතිලක මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ව්‍යාපාරිකයෙකුගේ නි‍ෙවසක තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනා රත්‍රං භාණ්ඩ සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට ගෙන කඩුවෙල උසාවියට ඉදිරිපත් කරන ලදුව ලබන 24දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරුණු බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව අදාළ නි‍ෙවසේ ගෘහ සේවය සඳහා පැමිණ මාස දෙකක පමණ කාලයක් ඉතා හොඳින් සේවය කර ඇති බවත් ඉන් පසු වටිනා රත්‍රං මාලයක් නැතිවීම පිළිබඳව විමසීමේදී ඇය එය නොගත් බව පැවසූ බවත් පසුව අසනීප බව පවසා ඇයගේ නි‍ෙවසට ගොස් දින කිහිපයකින් නැවත පැමිණි බවත් එම අවස්ථාවේදී ද තවත් රත්‍රං භාණ්ඩ තොගයක් නැති වී තිබූ බවත් නිවැසියන් සිදු කළ පැමිණිල්ලෙහි සඳහන් බව ද පොලිසිය පවසයි.

ඒ අනුව අදාළ ගෘහ සේවිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ රත්‍රං භාණ්ඩ තොගය තමන් සොරා ගත් බවට පාපොච්චාරණය කළ බවත් ඒ අනුව ඇයගේ නි‍ෙවසේ තිබී රත්‍රං භාණ්ඩ කොටසක් සහ තලවකැලේ නගරයේ බැංකුවකට උකස් කර තිබූ තවත් රත්‍රං භාණ්ඩ කොටසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි. ඒ අනුව ග්‍රෑම් 27ක රත්‍රං මාලයක්, කරාබු යුගලයක්, පා පලඳනාවක් සහ මුදුවක් සොයා ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හඟුරන්කෙත දෙල්තොට නූල්කඳුර වත්ත පදිංචිකාරියක වන 22 හැවිරිදි කාන්තාවක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT