Home » ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යන කාන්තාවන්ට සුබ පණිවිඩයක්

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යන කාන්තාවන්ට සුබ පණිවිඩයක්

by chanaka
September 15, 2023 2:07 pm 0 comment

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ රැකියාව සඳහා ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය වන අතර, ඒ සඳහා ජෝර්දාන් රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා තුන අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට අවස්ථාව සලසා ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙමගින් රක්ෂණ වන්දි වශයෙන් පිරිනමනු ලබයි. මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහාද රක්ෂණ වන්දි හිමිවෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT