Saturday, April 19, 2025
Home » ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ධූරය ශ්‍රී සන්තොෂ් ජාට බග්ලේ ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ධූරය ශ්‍රී සන්තොෂ් ජාට බග්ලේ ඔස්ට්‍රේලියාවට

by mahesh
September 15, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී සන්තොෂ් ජා මහතා පත්කර තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන ගෝපාල් බාග්ලේ මහතාගේ නිල කාලය අවසන් වීමත් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ නව පත්කිරීම කර තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කර ඇති අතර ඒ මහතා මේ වනවිට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී සන්තෝෂ් ජා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී ආරම්භ කරනු ඇති බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ වනවිට කටයුතු කරන ගෝපාල් බග්ලේ මහතා ඔස්ට්‍රේලියාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් පත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වීය සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෝපාල් බග්ලේ මහතා සුවිහේෂී කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශ්‍රී ලංකාව පසුබෑමට පත්ව සිටි සෑම අවස්ථාවකම ඉන්දියාවේ සහාය ලබාදීම වෙනුවෙන් පියවර රැසක් ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT