“කඳුරට පුංචි සරසවිය” නම් විරුදාවලිය ලත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට සැප්තැම්බර් 16 වැනිදාට වසර 78ක් පිරීම නිමිත්තෙන් විද්‍යාල පරිශ්‍රයේ අද (15) සහ හෙට (16) දෙදින වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත. 1945.09.16 පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය ස්ථාපිත වන්නේ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් 1943 – 47 කාලයේ මේ රටේ මධ්‍ය විද්‍යාල 54ක් පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙසය. ආරම්භයේදීම විධිමත් සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වූ විද්‍යාලය නේවාසිකාගාර පද්ධතියකින්ද සමන්විත විය. අද වන විට පන්දහසකට ආසන්න සිසුන් පිරිසක් අකුරු කරන විද්‍යාලය විෂය මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලින්ද මෙරට ඉදිරියෙන්ම සිටින පාසලක් බවට පත්ව තිබේ. කලා,වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ, සෞන්දර්යය අංශවලින් පමණක් නොව ශිෂ්‍යභට හා බාල දක්ෂ වැනි අංශවලින් මෙන්ම මාධ්‍ය, ඡායාරූප, පරිසර, බෞද්ධ ආදි සංගම් ඔස්සේ ද සිසුන් ලබන්නේ ඉහළම පන්නරයකි. ඇමැති එස්. බී. දිසානායක, දිවංගත ආචාර්ය ජයලත් මනෝරත්න,හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ආචාර්ය ආර්. ඇම්. කේ. රත්නායක, හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර, හිටපු පිඨාධිපතිවරයකු වූ මහාචාර්ය අබේරත්න බණ්ඩාර,මෙරට පුරා විද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් කළ ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරු මේ විද්‍යාලයේ ආදි සිසුහු වෙති.
පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 78 වසර සමරුවට අද-හෙට වැඩසටහන් රැසක්
by mahesh
September 15, 2023 1:00 am
0 comment
359
කලින් පුවත