“ලෝක පිරිසුදු කිරීමේ දිනය යෙදෙන හෙට (16) පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහන් දහසක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. “සීරෝ ප්ලාස්ටික් ජාතික ක්‍රියාන්විතය” (Zero Plastic National Movement) විසින් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සමඟ ඒකාබද්ධව මේ වැඩසටහන සංවිධාන කරයි.
“වෙරළ, ගංගා, වනාන්තර සහ වීදිවලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසුදු කිරීම” යන්න මෙවර “ලෝක පිරිසුදු කිරීමේ දිනයේ” තේමාව වේ. 2008 වර්ෂයේ දී එස්තෝනියාවේ ස්වේච්ඡා සේවකයන් 50,000ක් එක්ව ස්වකීය රට පැය පහක් වැනි කෙටි කාලයක් තුළ පවිත්‍ර කිරීම ආදර්ශයට ගනිමින් “ලෝක පිරිසුදු කිරීමේ දිනය” ආරම්භ විය.
කසළ අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් මිනිසා, සතුන් ඇතුළු මුළු මහත් පරිසරයටම ඍණාත්මක බලපෑම් එල්ල වී තිබේ. මේ දිනවල බහුලව ශ්‍රී ලංකාවේ වාර්තා වන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ද කසළ හේතුවේ. එබැවින් අනාගත පරපුරට සෞඛ්‍යසම්පන්න හා ආරක්ෂිත පාරිසරික වටපිටාවක් උරුම කරදීම උදෙසා, “ලෝක පිරිසුදු කිරීමේ දිනය” යෙදෙන හෙට(16) ඔබේ නිවෙස, කාර්යාලය හෝ ප්‍රදේශය පිරිසුදු කිරීමට තනි තනිව හෝ කණ්ඩායම් ලෙස එක්වෙමින් දායකත්ව ලබා දෙන මෙන් සියලු දෙනාගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.