Home » පාසලෙන් දුන් දිවා බත්පතේ කටුස්සෙක්..!

පාසලෙන් දුන් දිවා බත්පතේ කටුස්සෙක්..!

ඉන්දියාවේ සිසුහු 50ක් රෝහලේ

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකින් සිසුන්ට ලබා දුන් දිවා ආහාරය විස වී රෝගාතූර වූ සිසුන් 50 දෙනකු රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම ආහාරය පිසිනු ලැබූ භාජනයක කටුස්සකු සිටි බව පසුව හෙළි වී ඇති අතර, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද වාර්තා වේ.

බිහාර් ප්‍රාන්තයේ සිටමාති දිස්ත්‍රික්කයේ පිහිටි එම පාසලේ දිවා ආහාරය ගත් සිසුන් 50 දෙනාට හදිසි උදරාබාධයක් වැලඳී ඇති අතර, වමනය කිරීමට පටන් ගැනීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි.

මේ වන විට එම දරුවන් පූර්ණ සුවෙන් පසුවන බවත්, ඔවුන්ගේ මාපියන් ද රෝහලට පැමිණ සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුව ද සිසුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ අධීක්ෂණය කරමින් සිටින බව එම සිසුන් ඇතුළත් කළ සදාර් රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT