Home » වසර 33කට පසු ප්‍රංශ රාජ්‍ය නායකයෙක් බංග්ලාදේශයට

වසර 33කට පසු ප්‍රංශ රාජ්‍ය නායකයෙක් බංග්ලාදේශයට

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් බංග්ලාදේශයේ දෙදින සංචාරයකට සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගියදා G20 සමුළුව අවසන් වීමෙන් පසු ඔහු බංග්ලාදේශ අගමැතිනි ශේක් හසීනාගේ ඇරියුම මත මේ සංචාරයට එක් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. ප්‍රංශ රාජ්‍ය නායකයකු වසර 34කට පසුව බංග්ලාදේශයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1990දී අවසන් වරට බංග්ලාදේශයේ සංචාරයකට එක්වූ ප්‍රංශ රාජ්‍ය නායකයා එවකට සිටි ජනාධිපති ප්‍රංශුවා මිතරොන්ග් බව වාර්තා වේ.

ඩකා නුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මැක්‍රොන් පිළිගැනීමට අගමැතිනිය හසීනා ද එක් වී ඇති අතර, අනතුරුව අගනුවරදී දෙදෙනා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවට ප්‍රංශයෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව ද ඇතුළත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT