Monday, April 21, 2025
Home » බංග්ලාදේශයේ ගින්නෙන් කඩ සාප්පු සිය ගණනක් අළු වෙයි

බංග්ලාදේශයේ ගින්නෙන් කඩ සාප්පු සිය ගණනක් අළු වෙයි

ගින්න නිවීමට පැය 6ක මෙහෙයුමක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙළෙඳපොළක ඇතිවූ විශාල ගින්නකින් කඩසාප්පු සිය ගණනක් ගිනිබත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්තරා වෙළෙඳසලක විදුලි පරිපථයකින් ගින්න හටගෙන ඇති අතර, පසුව එකපෙළට තිබූ සෙසු වෙළෙඳසල්වලට ද වේගයෙන් ගින්න පැතිරී ඇතැයි වාර්තා වේ.

ඊයේ උදෑසන වෙළෙඳසල් විවෘත කිරීමට පෙර ගින්න ඇති වූ බැවින් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව එරට මාධ්‍ය සඳහන් කළේය. ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවට පැය 6ක කාලයක් ගත වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT